මේ ගඟ මේ දුරු කතර ගෙවා

Lyrics

මේ ගඟ මේ දුරු කතර ගෙවා
ඇයි මෙතැනින් සයුරේ වැටුනේ
මේ හැටි දුර පියමන් කරලා
ඇයි මම ඔබ ළඟ නතර වුනේ

මේ විල මේ නිල් දියෙන් පිරී
ඇයි මේ මල විල මත පිපුනේ
මා හද විල පතුලෙන් මතුවී
ඇයි ඔබ ආදර මල පිපුනේ
ඇයි ඔබ ආදර මල පිපුනේ

මේ ගඟ මේ දුරු කතර ගෙවා…..

මේ විස කටු ගස ළඟ ඉපදී
ඇයි මේ මල් වැල එහි එතුනේ
ගිලිහී යන්නට ඔබේ සුරතේ
ඇයි මගේ මේ අතැඟිලි බැඳූනේ
ඇයි මගේ මේ අතැඟිලි බැඳූනේ

මේ ගඟ මේ දුරු කතර ගෙවා…..

me ganga gaga me duru kathara gewa geva -Niranjala Sarojini

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists