සුපුන් සඳේ කැළුම් පිරේ

Lyrics

සුපුන් සඳේ කැළුම් පිරේ
විල් තෙරේ පියුම් පිපේ
සිහිනෙන් ඔබ සිහිවී හිදියි දෝ කෙසේ
ඔබ තමා ස්නේහයේ පහන් දැල්වුවේ

නිල් වලා මැදින් තාරුකා දිලේ
වසත් මල් පිපී නිශාවේ සැලේ
ඔබ මගේ කිවූ දිනේ යලිදු මට ඇසේ
තනිවී ඇත මා ලොවේ

සුපුන් සඳේ කැළුම් පිරේ …

සුදු සඳ වතුරේ රන් රටා මැවේ
ඒ රටා මැදින් ඔබේ වත පෙනේ
මුනිලිවූ සෙනෙහයින් ඉදිමු අප මෙසේ
යලි හමුවෙමු සිසිරයේ

සුපුන් සඳේ කැළුම් පිරේ …

Supun sande sade kalum pire – Dayan Witharana vitharana

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists