නිමවූදෙන්

Lyrics

රාත්‍රියේ නිද්‍රා නොයේ
නුඹ හා මැවූ හීනය කෝ කොහේ
තුන්යමේ පාළුම යාමයේ
ළංවී කියූ ගී නොඇසී ඇසේ
මීවිතේ මැද මා නිවුනේ
හීපොද මැද නෙතු බොඳවීලා
නැවතුණු තැන නැවතීලා
අවසන් මේ පෙම් හෝරා
ගෙවුනාදෙන් මේ සිහිනේ
අපෙ තරු නෑ ගැළපීලා
සංසාර කතා මදිවීලා
දෙමගක හෝ හැරවීලා
නිමවූදෙන් මේ සිහිනේ

පැළඳූව තෝඩු මා
හිමිකාර වී එදා
නොසිතූව සේ කතාවෙ දෑගිලී මිඳී ගියා
සුදු සේල රූ දරා
සිටියාට කෝ සිනා
අපෙ ආදරේ අපේ නොවූව රෑ උදා වෙලා
ගෙවු නිශාමයේ
මතකේ අලුත් වෙලා
මේ දුමාරයේ කදුලැල් කතාකරා

හීපොද මැද නෙතු බොඳවීලා
නැවතුණු තැන නැවතීලා
අවසන් මේ පෙම් හෝරා
ගෙවුනාදෙන් මේ සිහිනේ
අපෙ තරු නෑ ගැළපීලා
සංසාර කතා මදිවීලා
දෙමගක හෝ හැරවීලා
නිමවූදෙන් මේ සිහිනේ

Nimawuden nimavuden nimauden rathriye nidra noye- Tehan Perera

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists