ආදරයේ වේදනාව

Lyrics

ආදරයේ වේදනාව හදට දැනුණු යම් දවසක
හුදෙකලාව නොතැවී යළි එන්න මා සොයා
එන්න මා සොයා //

දේදුනු පැහැයෙන් දිදුලන ආදර විජිතය හැරදා
රැජිණ පලා ගිය මොහොතක
නොතැවී යළි ඈ සිහිකර
එන්න මා සොයා එන්න මා සොයා

ආදරයේ වේදනාව…..

ජීවිතයට හිමි ළතැවුල ඔබ තුරුළට ළං වූ දා
නොතැවී හිඳ තනි යහනේ
මතක සුළං රොදක එතී
එන්න මා සොයා එන්න මා සොයා

ආදරයේ වේදනාව…..//

Adaraye wedanawa vedanava – Nanda Malani

More from Admin

Uploaded by
12 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists