ගඟ අද්දර

Lyrics

ගඟ අද්දර මා සිහිල් සෙනෙහෙ සැනහී
හද සන්තක විය අනුහස් ආසිරි ගී
ඔබ හමුවේ මා මුව ගොළු වූවා
ගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැනේ
ඉහ ඉද්දර පිපි ප්‍රාර්ථනා සිහිනේ
පිබිදුනි ආශා ගිනිසිළු සේමා
මල්සර දුනුවර ළමැද හොවාලා ඉරණම් පවස නිවා
සංසුන් වූ තරමින් නොසැලෙනවද බාලේ බැඳි රන්දම්
ඔබ හා ආයේ ආයේ පෑහී තුෂාර සුසුම් හොවා
චමත්කාරයේ රන් රේඛා අප සැළෙන හදින් දුටුවා

ගඟ ඉද්දර පෙම් තෙපුල් පවන් අතරේ
මන පුෂ්පිත මුදු සුපුල් සිනා විසිරේ

මා හද රහසේ බැදුනා පහසේ
ගඟ දිය රැලි ඔබ නාඩන් කිසි දවසේ
ගඟ දිය සුළි මැද උණුසුම් සුව ගැවසේ
ඔබේ රුව ඡයා සැ‍ගවේ පායා
මල්සර දුනුවර ළමැද හොවාලා ඉරණම් පවස නිවා
සංසුන් වූ තරමින් නොසැලෙනවද බාලේ බැඳි රන්දම්
ඔබ හා ආයේ ආයේ පෑහී තුෂාර සුසුම් හොවා
චමත්කාරයේ රන් රේඛා අප සැළෙන හදින් දුටුවා
ඔබේ රුව ඡයා සැ‍ගවේ පායා
ඔබේ රුව ඡයා සැ‍ගවේ පායා

Ganga gaga addara ma sihil – Vijaya Kumarathunga Wijaya

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists