යාළු බාල සඳේ

Lyrics

යාළු බාල සඳේ කඳු මුදුනේ මොකද කරන්නේ
මා දෙසම නොවෙද නෙත් නොසලා බලා සිටින්නේ
ඈ සිටින තැනට මටත් හොරා මා ගෙන යන්නේ
ඇගෙ නළල් තලේ අහස් වලා පෙලේ අඳින්නේ
යාළු බාල සඳේ

දුරක වෙසෙන මගෙ තනිකම
අහසෙ සිටින නුබට පමණි පෙනුනේ යාළු
විරහ තාපයේ වැඩිකම
සිත් පිත් ඇති අයටත් නෑ දැනුනේ යාළු

යාළු බාල සඳේ…..

ඈ දැකුමට නලියන සිත
ඇගෙ නළලේ හැඩරුව දැක සැනසෙයි යාළු
ඇගේ රුවින් බිඳුවක් ගෙන
හෙටත් ඈත කඳු මුදුනේ හිනැහෙන් යාළු

යාළු බාල සඳේ…..

Yalu bala sande යාළු බාල සඳේ – Somathilaka Jayamaha

More from Admin

Uploaded by
14 followers
🎵 Music Queue Add songs & save playlists