මා මිහිදන් වුනාම

Lyrics

මා මිහිදන් වුනාම මේ කොඩි වැල් කියයිද තුන් සිත වින්ද වේදනා
සෝ ළතැවුල් මවාන සුදු සළු පිළි දරාන කිම ඔබ හඬන කාරණා

සෙවනට උන්නු ගසේ අතු සිඳ බින්ද මිනිස්සු
පාඩුවෙ දිලුනු සඳට කැබිලිති ගැසුව මිනිස්සු
කන්නට දුන්නු අතම හෙමිහිට හැපුව මිනිස්සු
ඇති දා නැති බුහුමන් නැති දා පිදුව මිනිස්සු

මා මිහිදන් වුනාම…..

සේසත් පාවඩ මැද අබිමන් හරසර රන්දා
අවසන් ගමනට ඇයි දහසින් සැරසිලි බන්දා
හදවත් නැති උන් ලෙස පෙර දා දුන්නු වේදනා
දෙසවන් බිහිරියි අද මිතුරනි කුමට වර්ණනා

මා මිහිදන් වුනාම…..

ma mihidan unama -Dumal Warnakulasuriya

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists