ආදරේ සුන්දරයි

Lyrics

ඔබ මගේ ජීවයයි මා හදේ රිද්මයයි
කුළුඳුලේ සිත් මලයි ආදරේ
මල් පිපෙන කාලයයි කුරුළු ගී නාදයයි
හද ගැහෙන රාවයයි ආදරේ

ආදරේ සුන්දරයි ජීවිතේ මල් මිටයි
දිවි මගේ නිම්තෙරයි ආදරේ ඔබටමයි //

ඔබ පුසුඹයි මට දිවි මග තිබෙන තුරා
නෙතු බැල්මට හිරු එළියත් පරදවනා
මුදු වදනට සඳ සිසිලත් පුබුදුවනා
මේ මිහිමඬලේ සිරිදුව ඔබ මවනා

ආදරේ සුන්දරයි…..//

දිව යයි තැන තැන සිත නම් කීකරු නෑ
දිදුලයි දෙකොපුල් ඔබගෙන් වදනක් නෑ
කොඳුරන කිංකිණි පද වැල් එතරම් නෑ
ගං දෑලම දැන් දෙගොඩ තලන්නෙත් නෑ

ආදරේ සුන්දරයි…../////

Adare sundarai sundarayi -Roshan Fernando

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists