අඩන්නේ ඇයි

Lyrics

අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ
හෙළන්නෙ ඇයි කඳුළැලි ආදර නිල්මිණි දෑසේ
අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ

ඔයාව ජීවිතයේ මට හමුවුණු මුල් දවසේ
සිනාවේ දෑසේ අහිංසක ආදරයයි තිබුණේ
කියාපු මිහිරි කතා තවමත් ඇහෙනවා වාගේ
ප්‍රියාවී රැකගන්නම් හද බලකොටුවෙහි මාගේ

පරාද වෙන්න ඉඩක් නෑ අපි දෙන්නගේ ප්‍රේමේ
දිනන්නේ යන යන තැන ඔබ හින්දයි මා ලෝකේ

අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ

මැණිකේ සුවඳ මලයි පිපි බාධක කටු අකුලේ
සිටින්න දෝතින් ඒ මල නෙලනා තුරු මැණිකේ
දිලෙන්නේ එක තරුවයි සඳ වටකර පෙම් ලෝකේ
සඳ මැණිකෙයි මම තරුවයි පායන නිල් අහසේ

අඬන්නෙ ඇයි සුදු මැණිකේ …

Hadanne Ayi Sudu Manike Kiyanna Pana Mage Adanne Ai Sudu Menike Joothipala – Jothipala

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists