Lyrics Daruwo wagema
දරුවො වාගෙම පපුවෙ උන් අය
හිටි ගමන් නොකියාම යනකොට
කන්ද වාගේ ඉන්න කියලා
හුළග රහසින් කියනවා
කන්ද වාගේ ඉන්නවා
කදුළු ඇස් යට තියෙනවා…
හැම හිනාවෙම ඔබට නොපෙනෙන
කදුළු පැල්ලම් තියෙනවා
පිරිමි කදුළක අදුරු ගනුදෙනු
කැඩුණු කැඩපත දන්නවා….
ඔබේ ඇස් ඇති පිළිරුවක් මට
හැමදාම හීනයක් වෙනකොට
ඔබේ එක්ටැම් කුලී පපුවෙන්
ඉගිලෙන්න මට හිතෙනවා
මමත් අහසක් හොයනවා…
නමුණුකුල මහ කන්ද පාමුල
බීර හීතල රැයක් මැද්දේ
ඇගේ ඇස් දෙක මග අරින්නට
මමත් පාරක් හොයනවා
උඹේ ඇස් දෙක මැවෙනවා…
ආදරේ හින්දාම සමහර
දිගම දිග ආදර කතන්දර
අතරමැද්දේ අතාරින්නට
ලියපු උන්ටම හිතෙනවා
ඔබේ හිත මම දන්නවා….
මගේ හිත ඔබ…..
“ආදරේදී හිත් අටපෙතියා මල් වගේ
පරිස්සමෙන් අල්ලන්න
නැත්නන් පෙති හරි ඉක්මණට බිමට
කඩන් වැටෙනවා“
දරුවෝ වාගෙම | Daruwo wagema | Official Music Video | Abhisheka wimalaweera and Suneera Sumanga


Comment