අදත් වැස්ස වහින සඳේ

Lyrics
අදත් වැස්ස වහින සඳේ මතක සුවඳ දැනේ … මතකද තෙමුනා දෙන්නා… සීතල වැහි පොදේ…//

කැන්ද කැලේ අප දෙන්නා අකුරට ගිය කලේ
වැස්ස ඇවිත් වන යායම සීතවූ සඳේ
මුවා වෙන්න ගස් තිබුනත් තෙමුනා වැහි පොදේ….
අදත් වැස්ස වසිනා සඳ මතක සුවඳ දැනේ…

අදත් ඉතින් වහින දාට තෙමෙමින් වැහිපොදේ
මගේ හිතේ මතක සුවඳ අලුත් කරන පැයේ
වැහි හීතල දුරලාගෙන ගිනිදළුවක් එතේ…
මේ වැහිදා අප දෙතැනක එකම වැස්ස වැටේ…

අදත් වැස්ස වහින සඳේ …

Adath Wassa vess Wahina vahina Sande sade – T. M. Jayarathna

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists