Nawathi Methekin

නැවතී මෙතෙකින්

Lyrics

නැගෙන බිදෙන හැම සමුදුරු රැලි මත
නුබේ මුව හිනැහෙනු මා දුටුවා
නොදැනිම වාගේ ඒ රුව බොඳකර
කඳුලක් නෙත තනියට නැඟුනා

මතකද හැම රෑ පහන් වන තුරා
පැතූ පැතුම් කෙලි සිනහ වදන්
දින ගෙවෙනා හැටි අප දැන හිටියා
අද නුඹ කොහිදැයි සිත ඇසුවත්
අද නුඹ කොහිදැයි සිත ඇසුවත්
අද නුඹ කොහිදැයි සිත ඇසුවත්
අද නුඹ කොහිදැයි සිත ඇසුවත්

ඉරණම ලියැවී අප වෙන්කල දා
දෙගුරුන් හමුවේ සිත නිහඬයි
නුබ මියැදෙන බව දැන දැන සිතකින්
නෙලාගම්ද සොදුරේ කෙලෙසින්
නෙලාගම්ද සොදුරේ කෙලෙසින්
නෙලාගම්ද සොදුරේ කෙලෙසින්
නෙලාගම්ද සොදුරේ කෙලෙසින්

මා තුරුලට ගෙන සුරතල් කරනට
අහිමි වුවත් මට සොඳුරු වරම්
අන්සතු උයනක නුබ හිනැහෙනයුරු
දැක තුටුවෙමි නැවතී මෙතෙකින්
දැක තුටුවෙමි නැවතී මෙතෙකින්
දැක තුටුවෙමි නැවතී මෙතෙකින්
දැක තුටුවෙමි නැවතී මෙතෙකින්

Nawathi newathi navathi nevathi methakin nagena bidena bingena – Kasun Kalhara

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists