හිත මිතුරු සුළඟ

Lyrics

හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන් අද නොපැමිණ අන් දිනයෙක වැසි රැගෙන එන ලෙසින් දිගු කලෙකින් ඈ මුණ ගැසේවි හසඟනක් වෙසින් වැසි වැටුනොත් ඒ සොඳුරු මොහොත අඳුරු වේ සැණින් //

වීදි පුරා වතුර පිරෙයි හෙමින් හෙමින් මුමුණ මුමුණ
ඇවිද යමි කෙසේ තණ නිල්ලේ ගොහොරු සැදෙයි
කථා නැතිව අනන්තයට ඉගිල යමි කෙසේ

හිත මිතුරු සුළඟ ළඟ එන ……

අප සමුගත් පසු වසින්න ගං හෝ වැව් ඉපිළ ඉපිළ
ඉතිර යනතුරා
හෝරා දෙක තුනක් ඉන්න නෑවිත් වැහි වළා බඳේ
කඩ ඉමෙන් මෙහා

හිත මිතුරු සුළඟ ළඟ එන ……//

දිගු කලෙකින් ඈ මුණ ගැසේවි හසඟනක් වෙසින්
වැසි වැටුනොත් ඒ සොඳුරු මොහොත අඳුරු වෙයි සැණින්
දිගු කලෙකින් ඈ මුණ ගැසේවි හසඟනක් වෙසින්
වැසි වැටුනොත් ඒ සොඳුරු මොහොත අඳුරු වේ සැණින්

Hitha Mithuru Sulanga Sulaga – Victor Rathnayaka

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists