Sulan Hamai

සුලං හමයි

Lyrics

සුලං හමයි ලොව නැළැවෙයි
නුඹ නිදියයි නිසංසලේ
නිදිකුම්බා මල් කැකුලී
නිදිකුම්බා මල් කැකුලී
සුලං හමයි ලොව නැළැවෙයි
නුඹ නිදියයි නිසංසලේ

බිම වැතිරෙයි යාය නිදයි
අතු හැකිළෙයි පිණි බේරෙයි
බිම වැතිරෙයි යාය නිදයි
අතු හැකිළෙයි පිණි බේරෙයි
මගේ දුකට නුඹ නාඩන්
නිදිකුම්බා මල් කැකුලී

සුලං හමයි ලොව නැළැවෙයි

ලොව සසලයි නුඹ නිසලයි
ලොව නිසලයි නුඹ හිනැහෙයි
ලොව සසලයි නුඹ නිසලයි
ලොව නිසලයි නුඹ හිනැහෙයි
මගේ දුකට නුඹ නාඩන්
නිදිකුම්බා මල් කැකුලී

සුලං හමයි ලොව නැළැවෙයි

Sulan hamai hamayi lowa nalawei lova – Sanath Nandasiri

More from Admin

Uploaded by
12 followers

1 Comment

  1. නුඹ මල් කැකුලකි. නුඹ දන්නේ හඬන්නට පමණි. කුසගින්නටත්, වේදනාවටත්, සතුටටත්, බියටත් නුඹ දන්නේ හඬන්නටම පමණි. එනමුත් නුඹ හඬන්නේ මගේ දුකට යයි වරෙක සිතේ. අවට ලෝකයේ මඳ සුලං හමද්දී ලොව නැලැවී යයඉ. එවිට නුඹ සුවෙන් නිදයි. නමුත් සැම විටම ලොව සුව දායක නැත. බිම වැතිරෙන තරම් දරුණු පහරවලට ලක්වන්නට සිදුවෙයි. එය දැක දැක පාත්‍රවර්ගයා නිදනුද පෙනේ. එවිට සීත පින්නෙන් බොඳවී යන කඳුලු සඟවා අතු හකුලා ගනිමි. සසල ලොවේ නුඹ විටෙක නිසලය. ලොව නිසල වන විට නුඹ මා හා හිනැහෙයි. එනමුත් මගේ දුකට නුඹ නොහඬන්න. මගේ දුක මමම සඟවාගෙන විඳගන්නම්.

    source : geerasavinisa.blogspot

🎵 Music Queue Add songs & save playlists