මේ තරම් කදුළු වැල්

Lyrics

මේ තරම් කඳුළු වැල් මට හෙලන්න බෑ
මට හෙලන්න බෑ
මේ තරම් කාලයක් නොදැක ඉන්න බෑ
නොදැක  ඉන්න බෑ

බැලු බැලූ හැමතැන ඔබේ රුව මැවි මැවී පෙනුනා
නිදි යහනේ නින්ද නැතිව ඔබ ගැන සිතුවා
දින ගැන ගැන මඟ බලමින් ඉන්නද සැමදා
දින ගැන ගැන මඟ බලමින් ඉන්නද සැමදා

ඔබ හැර මට වෙන සැපතක්  ලොවේ ඇත්තෙ නෑ
මාගෙන් වරදක් වුනාද හිතාගන්න බෑ
හිතට දැනෙන මේ තනිකම දරාගන්න බෑ
හිතට දැනෙන මේ තනිකම දරාගන්න බෑ

මේ තරම් කඳුළු වැල්…..

me tharam kandulu kadulu wal- Roshan Fernando

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists