අද දීගෙක

Lyrics

අද දීගෙක ගිය නුඹ මට බුලත් අතක් දීලා යන්න පිටත් වූ මොහොතේ මගේ දෙපා වැඳලා
එතෙක් සිනහවෙන් සිටි මා කොහෙදෝ තනි වීලා නෙතේ කඳුළු සිරකර ගෙන සිටියෙමි ඉවසාලා
පුංචි නංගියේ, මගේ පුංචි නංගියේ //

මා සිටියත් ඉවසා ගෙන නෙතේ කඳුළු නොසලා අප දෙන්නා දිහා බලා උන් අම්මා දැකලා
ඇගේ නෙතින් කඩා හැළුණු කඳුළු මතක් වීලා කවුරුත් නැති තැනකට වී හැඬුවෙමි තනි වීලා
පුංචි නංගියේ, මගේ පුංචි නංගියේ //
අද දීගෙක ගිය ……

Ada digeka – Sunil Edirisingha

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists