පාට සරුංගල් වාගෙයි

Lyrics

පාට සරුංගල් වාගෙයි අපේ ජීවිතේ
ඈත ඉගිල්ලෙයි පාවෙයි ඔහේ ලෝකයේ
බඹරය වැල්ලේ කරකන්නම්
ලෝකය අල්ලේ නටවාලා

දොන්ත බබක්කට දෙන්න දෙයක් නැහැ මල්ලියේ
පෙට්ටගමක් උඩ තුට්‍ටු දෙකක් ඇත නංගියේ
ඒරොප්පේ ඉද නැව් නැගලා
දැන් අපි ආවේ ගොඩ බැහැලා

අපි ආයේ එයි කියාලා හිතුවාද උන්නැහේලා
වෙර ඇත්තේ මේ දෑතේ
හෝ පම්පෝරී නවතාලා අපි ඉඳිමු හිනැහීලා
රජ දූතයෝ වාගේ
රජ දූතයෝ වෙන්නම් ජය ගන්න සූදානම්
නෑ පැරදුනේ

පාට සරුංගල් වාගෙයි අපේ ජීවිතේ
ඈත ඉගිල්ලී පාවෙයි ඔහේ ලෝකයේ
ඒරොප්පේ ඉද නැව් නැගලා
දැන් අපි ආවේ ගොඩ බැහැලා

පණ කෙන්ද මහ පාරේ මඟ දාලා නෑ යන්නේ
ඒ සෙල්ලම් බෑ මල්ලී
වැලි ඩිංග මිට මොලවා දිය ගන්න මං හපනා
බොරු නෑ රජෝ අපේ
රන් කූඩුවේ ආයේ මට ඉන්න ඕනෑ නෑ
ඇහුනාද මේ

පාට සරුංගල් වාගෙයි අපේ ජීවිතේ…..

pata sarungal wagei- Vijaya Kumaratunga wijaya fredi silva

More from Admin

Uploaded by
14 followers
🎵 Music Queue Add songs & save playlists