පුංචි සිනා කොයිදෝ

Lyrics

පුංචි කතා කොයිදෝ පුංචි සිනා කොයිදෝ පුංචි මූණ දුකින් රතු වෙලා
හැoගි හොරා ඇයි දෝ සන්ඩු වෙලා කවුදෝ පුංචි ටිකිරි දූ තරහා වෙලා//

රංචු රංචු සමනලයෝ….රංචු රංචු සමනලයෝ පිච්ච වැලට ඒවී
පුංචි යාළු ආ කොයි දැයි කියලා විමසාවි දෝණි ඔහොම හිටියෝතින් උන් ආපහු යාවි

පුංචි කතා කොයිදෝ…..

සිංදු කියන බට්ටිත්තෝ….. සිංදු කියන බට්ටිත්තෝ ලන්ද ළගට ඒවි
පුංචි පුංචි ඇස් දල්වා උන් දූ විමසාවි තරහා වෙලා හිටියොත් මෙහෙ නෑවිදින්ම යාවි

පුංචි කතා කොයිදෝ…..//

Punchi Sina Koido – Milton Mallawarachchi

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists