මං පොඩි කාලේ (අප්පච්චි)

Lyrics

මං පොඩිකාලේ කළ නොමනාකම් දැක තරවටු කළ අප්පච්චි
වේවැල් පාරට පෑරුණු හදවත බිදුනා සෙනෙහස අප්පච්චි
බිදුනා සෙනෙහස අප්පච්චි

මා තුරුලට ගෙන නැලවිලි ගීයක් ගැයූවේ නෑ
අපෙ අප්පච්චි
නින්දට ගිය පසු මා තුරුලට ගෙන සිපගත්තාදෝ අප්පච්චි
සිපගත්තාදෝ අප්පච්චි

මං පොඩිකාලේ…..

හිරු කිරණක් සේ ඔබෙ තේජස දැක වැරදි කළේ නෑ අප්පච්චි
ඔබගේ සෙනෙහස දැනුනේ  මට අද මමත් පියෙකි අද අප්පච්චි
මමත් පියෙකි අද අප්පච්චි

මං පොඩිකාලේ…..

Man podi kale appachchi thaththa -Roshan Fernando

More from Admin

Uploaded by
14 followers
🎵 Music Queue Add songs & save playlists