ආදරය සුන්දර වරදකි

Lyrics

ආදරය සුන්දර වරදකි කිසිදා සමාවක්‌ නම් නැති මට පෙන්නලා ආලේ හැටි නුඹ දුන්නු දුක හොඳටම ඇති //
……

ඉඳුවර නුවන් දෑලේ වැටී පෑහී බැහැරී වෙලී උන්මාද වූයේ මා
වෙනකෙකු දිහා බැලුමට යලිත් මට නෙත් නැතැයි කෙඳිරුවේ කවුරුන්දෝ

ආදරය සුන්දර වරදකී …….

පුළුලුරුතලා වීණා බඳින් දැවටී රතැඟිලි බැඳී නින්නාදයේ අනුරා
හද ස්‌වර පවා කම්පිත වෙවී මට මා පවා නැති කලේ කවුරුන්දෝ

ආදරය සුන්දර වරදකි …….//

Adaraya Sundara Waradaki waradakie – Karunarathna Diwulgane Divulgane

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists