Mihi Madale Anduru Kuse

මිහිමඬලේ අඳුරු කුසේ

Lyrics

මිහිමඬලේ අඳුරු කුසේ
දිය උල්පත අම්මා
අහස්තලෙන් මරු කතරට
වහින වැස්ස අම්මා

නිල් දෙර‍‍ණේ තුරුලිය මත
මල් සම්පත අම්මා
තුරුලිය මත පිපි කුසුමේ
ඵල සම්පත අම්මා

සිය දහසක් නෙක ලෝ දා
එළිය කරන අම්මා
සොළොස් කලා පිරි පුර හඳ
එළිය කරන අම්මා

මිහිමඬලේ අඳුරු කුසේ
දිය උල්පත අම්මා
අහස්තලෙන් මරු කතරට
වහින වැස්ස අම්මා

සඳ නැති රෑ සක්වල තරු
එළිය කරන අම්මා
උදාගිරෙන් ලොවට වඩින
ළහිරු මඬළ අම්මා

මිහිමඬලේ අඳුරු කුසේ
දිය උල්පත අම්මා
අහස්තලෙන් මරු කතරට
වහින වැස්ස අම්මා

නිල් දෙර‍‍ණේ තුරුලිය මත
මල් සම්පත අම්මා
තුරුලිය මත පිපි කුසුමේ
ඵල සම්පත අම්මා

Mihimadale මිහිමඩලේ Anduru aduru Kuse – Nanda Malani

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists