ලියතඹරා | Liyathambara

Lyrics

ලියතඹරා මුදු කුසුමකි ඈ තවුසන්ගේ දැහැනේ සම බිඳිනා
නෑ ලෝකෙ ජීවේ ඇයයි .. නෑ ලෝකෙ ජීවේ ඇයයි //

මායාව මායාව ලොව රවටනා
සිහිනයකි සිහිනයකි අඳුරෙ පාවෙනා
වීණවෙ තත් අතර මෘදු ස්වරෙ ඇයමයි
මා හදට රස ගෙනෙන මදුවිත ඇයයි

ලියතඹරා ….

මිරිඟුවකි මිරිඟුවකි අප රවටනා
දුර ඈත සිතිජයකි ඉම නොපෙනෙනා
නිල් නයන බිඟුකැලකි නෙත් සරය සුමුදුයි
මගෙ ජීවෙ වැලි කතරෙ දිය බිඳ ඇයයි

ලියතඹරා ….

Liyathambara Liyathabara Mudu Kusumaki Ae Lyrics – Athma Liyanage

More from Admin

Featured on

♪
Uploaded by
15 followers
🎵 Music Queue Add songs & save playlists