පෙමාතුර හැඟුම්

Lyrics

පෙමාතුර හැඟුම් ඇගේ නෙත් කැළුම් , හද සන්තානේ සදා සරනා ආයචනා සුසුම්
නුරාගික පැතුම් පිපාසිත සිතුම් , මන මන්දිරේ කලාලය මත මී අමා බඳුන්

නියාලුව හදින් පියා නෙතුපියන් , යොමා යුග සවන් තනිවෙමි ඇගේ ගී නදින්
මුදා නිදි දැහැන් එබී ලෙන් දොරින්, අරාජික පාරාදීසය සොයා එමි සිතින්

පෙමාතුර හැඟුම් …..

අරා සිරි යහන් නිදා වැතිරෙමින්, සරා සලෙල සිතිවිලි ගඟ ගිලී නැහැවෙමින්
සුරා මල් පැණින් පොඟා යුග ලවන්, පිනා පසිඳුරන් සතපමි සොඳුරු සිහිනයෙන්
පෙමාතුර හැඟුම් …..

Pema Thura Hagum – Prof. Sanath Nandasiri

More from Admin

Featured on

Uploaded by
12 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists