කිරි මුහුද කැළම්ඹීලා

Lyrics

කිරි මුහුද කැළම්ඹීලා පාවී එනවා ප්‍රේමා මුහුදේ
හද පතුල කැලත්තීලා පාවී එනවා ප්‍රේමේ රසේ //

ප්‍රේම රළ මැද්දේ නැගේ ප්‍රේම ගීතේ
තුරු සෙවනැල්ලේ පෙම් රුව දිස්වේ
මංගල සීනු වැදේ හද මැද්දේ
මංගල ගීත ඇසේ මල් අහසේ ඇහුනද

කිරි මුහුද කැළම්ඹීලා…..

ප්‍රේම සිත බැඳී පෙම් ගීතේ තුරුල්ලේ
පෙම් ඔංචිල්ලාවේ ගඟුලැල්ලේ //

කිරි මුහුද කැළම්ඹීලා…..

බාලේ බැන්දාවූ අපේ බොරු ආලේ
අළු යට සැංගූ ගිනි පුපුරක් සේ
අද මතු වූවාද පෙම් පුර සඳ සේ
දිලිසි දිලිසී පෙම් ආකාසේ ඇහුනද

කිරි මුහුද කැළම්ඹීලා…..//

kiri muhuda kalambila- Haroon Lanthra

More from Admin

Uploaded by
14 followers
🎵 Music Queue Add songs & save playlists