ඇසුරෙන් මිදීලා

Lyrics

ඇසුරෙන් මිදීලා ඔබගේ ලොවේහි
සැඟවී හිදිම් මා වෙන්වී මෙසේ
නොමැකී තියේ නම් ඔබගේ සිතේ
මගේ ආදරේ මා යලි එන තුරා

රැකවල් සදාලා සීමා මවාලා
වෙන් වේවිදෝ ආදරේ දෙසිතේ කතාවී
දලුලා වැඩී යාවී රහසේම ඒ ආදරේ

කඳුලැල් නිවාලා දෑසින් සිනාසී
සැඟවී ඉමූ මේ ලෙසේ කවදාක හෝ මා
එනතුරු ඔබේ දෑසේ සඟවා තබා ආදරේ

ඇසුරෙන් මිදීලා…..

Asuren mideela midila -Priya Suriyasena sooriyasena

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists