පෙම්බර මධු මගේ

Lyrics

පෙම්බර මධු මගේ මා නැතේ ඔබෙන් මිදුනේ
සුරූපී දේහ විලාසේ මැවේ මැවේ නයනේ
පෙම්බර මධු මගේ පෙම්බර මධු මගේ

ලොවේහි ඈත අනන්තේ පැලක් තුලේ නොපෙනී
ඇතත් හොරෙන් හැංගීලා මගේ දුකත් නොදැනී
අරන් එමි ඔබ කැන්දා ඇසිල්ලකින් පැමිණී
සුරූපී දේහ විලාසේ මැවේ මැවේ නයනේ
පෙම්බර මධු මගේ පෙම්බර මධු මගේ

වඩාලා දෝත පුරාලා පරෙවි කුමාරිය සේ
සුගන්ධ මල් යහනාවේ හොවා පෙමින් සිතුසේ
පවන් සලා ඔබ සනසම් ලදල්ලකින් සුවසේ
සුරූපී දේහ විලාසේ මැවේ මැවේ නයනේ
පෙම්බර මධු මගේ පෙම්බර මධු මගේ

අපේම පාළු විමානේ නිසංසලේ සහනේ
අමා පැනින් මත්වීලා ඔබේ දෙතොල් බඳුනේ
විඳිමි රස මදිරා පෙරුම් පිරූ ලෙසිනේ
සුරූපී දේහ විලාසේ මැවේ මැවේ නයනේ
පෙම්බර මධු මගේ පෙම්බර මධු මගේ

Pembara madu mage -Victor Rathnayake

More from Admin

Uploaded by
14 followers
🎵 Music Queue Add songs & save playlists