කෝ මගේ යෙහෙළියෝ

Lyrics

කෝ මගේ යෙහෙළියෝ //

එදා සිසුවිය මෙදා යුවතිය වී
සිත් වලට ආ දිනේ අසරණ වී
තක්සලාවේ හංස රෑනේ හංසියන් සොයලා
ආදී සිසුවිය මා ආදී සිසුවිය මා

මල් වැටට මතකයි සුදු පුලුලු පෙම මිතුරුයි
සිනා කඳුලැලි සමව ඉසිලූ පංති පෙළ සසලයි
නාදුනන සේ මදෙස බලලා මෙදා සිසුවියනේ
සදා මේ බිම රැදෙන සිහිනය සිතින් හඬ මැනවී සිතින් හඬ මැනවී

එදා සිසුවිය මෙදා යුවතිය වී…..

සුදු ඇඳුම කදිමයි උස් පහත්කම් නොදනී
ඔබේ සුදු පැහැය රැඳුනේ දසත අප රැඳුනායි
මාරුතය සේ ඉවත ඇදෙනා මතක කිරිලියනේ
එක වරක් එහි ලිහන් රෑනට අඬගසනු මැනවී අඬගසනු මැනවී

එදා සිසුවිය මෙදා යුවතිය වී…..

Ko Mage Yeheliyo- Nirosha Virajini

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists