Amathaka mathaka

අමතක මතක | Amathaka Mathaka | Song & Lyrics

Lyrics of Amathaka Mathaka

නුඹ හිදින නොහිදින ලෝකයක
අප අතරමංවී දැනේ අම්මේ
මතකයන් ඔබ හැරදමා
සදහටම යන්නට ගියේ ඇයි මේ
වරක් තුරුලට වී හැඩූවත්
දැනෙයි දෝ ඔබේ පුතු තමයි මේ..
හැර ගොසින් ඔබ මා හඩන්නත
හිදින නොහිදින නුබ වටී අම්මේ

සිදු ගොසේ රුබු නොදැනසන්නට
ඔහු ගියා ඔබටත් නොකී දවසක
මවත් විය පියතුමත් නුඹ විය
දැනුනෙ නැත බිදුවක වුවද බිය
දිරිය කත නුබ පෙව්ව පන මට
හයිය විය අද නුබ සිබින්නට
නුඹේ උකුලට මගේ පුතු ගෙන
නලවපං මා කියා මයෙ අම්මේ

කිතුගොසින් මට ලොව දිනන්නට
නුඹ හෙලූ කදුලැල් බරයි දරු පෙම
හිනැහුනා මා දෙස බලා ඔබ
ඇහුවෙනම් මා කවුරුදෝ අද
දිරිය කත නුබ පෙව්ව පන මට
හයිය විය අද නුබ සිබින්නට
නුඹේ උකුලට මගේ පුතු ගෙන
නලවපං මා කියා මයෙ අම්මේ

නුබ නොවේ පව සිදු කලේ
අප හිදින නොහිදින නුඹ වටී අම්මේ
නුබ හිදින නොහිදින ලෝකයක
අප අතරමං වී දැනේ අම්මේ
මතකයන් ඔබ හැරදමා සදහටම යන්නට ගියේ ඇයි මේ
වරක් තුරුලට වී හැඩූවත් දැනෙයි දෝ ඔබේ පුතු තමයි මේ..
හැර ගොසින් ඔබ මා හඩන්නට
හිදින නොහිදින නුබ වටී අම්මේ

අමතක මතක | Amathaka Mathaka | Viraj Bathiya & Dr Sachithra Weerasekara

More from Admin

♪
Uploaded by
15 followers
🎵 Music Queue Add songs & save playlists