Allagena numbe detha

අල්ලාගෙන නුඹේ දෑත | Allagena Numbe Detha | Song & Lyrics

Lyrics of Allagena Numbe Detha

හෙව්වේ මන්දාර සීතේ
හැගුමන් වසන්තේ සිහිලැල් සුවයක් නෑ
තෙමුණේ පිංසාර වැස්සේ
මිහිදුම් දනව්වේ අපි තනිවූ හින්දා නේ

මැව්වේ නුඹ මටම නේදෝ මා නුඹගේ නේදෝ
මේ දිවියේ හැම වාරේ..
තුරුලේ අද මා සැනසෙන්නේ නුඹ මා නළවන්නේ
අපි අපගේ හින්දා නේ ..

අල්ලාගෙන නුඹේ දෑත
මම යන්නම් දුර ඈත
සඳ සාවිය මා ගාව
අපි ගනිමුද තරු රෑන
සංසාරේ හැමදාම
නුඹ ඉන්නැති මං ගාව
මේ යාමේ මන්දාර
අපි කියමුද පෙම් ගීත

සොදුරේ.. මගේ හදවත නුඹටම භාරයි
ඔය දිලිසෙන නෙතු කවි කාරයි
හැම හීනෙම නුඹ මා ගාවයි
මගේ සිනහව නුඹටම භාරයි
ඔය දෙතොලේ උණුසුම වෑහෙයි
හැම රෑකම නුඹ මා ගාවයි .. සොදුරේ

තනිවීලා මා සිටි ඒ කාලේ
නුඹ ඇවිදින් පෑවා මට ආලේ
සවියක් වී දැවටී මා දෑතේ
නුඹ රැදුනා සොදුරේ

Allagena Numbe nube Detha daatha – Bishan Rashmitha

More from Admin

Uploaded by
12 followers

1 Comment

🎵 Music Queue Add songs & save playlists