ඉර පායා

Lyrics

ඉර පායා ඉර පායා
කළුවර හදකට අවපස සඳකට
ඉර පායා ඉර පායා
අලුත් දවසකට නව මංපෙතකට
ඉර පායා ඉර පායා

එදා මෙදා තුර බිය සැක රැන්ඳු
රුදුරු වෙසක් හද තුල නිති ඇන්ඳු
අඳුරු තිමිර පට ඉරා දිනින්ඳු
සොඳුරු හෙටක් සාදයි මන බැන්ඳු

ඉර පායා ඉර පායා …..

ගිමන නිවන සිහිලැල් ගඟුලක් සේ
දසත දිවෙන මහනෙල් සුවඳක් සේ
දැවෙන ගතට සුවදෙන ඔසුවක් සේ
ඉර පායා ඇත අඳුර මියෙන සේ

ඉර පායා ඉර පායා …..

Ira paya kaluwara kaluvara hadakata – Samitha Mudunkotuwa mudunkotuva

More from Admin

Uploaded by
12 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists