මලක් නැති ගසක් වී

Lyrics

මලක් නැති ගසක් වී හුදෙකලා වූ නුඹට
එක ම එක මලක් වී සුවඳ දුන්නෙමි කලෙක
වසන්තය අලූ‍ත් මල් අතු පුරා ගෙනෙන විට

සිනාසෙනු මැන එදින මට නොවේ මගෙ හිතට

ගන අඳුරු රැයක් වී හැඬූ විට ජීවිතය
පැතුම් දී එළි කළෙමි පුංචි තරුවක් විලස
සිනාසෙන පුරා හඳ වඩින දා පෙර මඟට

සිනාසෙනු මැන එදින මට නොවේ මගෙ හිතට

සිතින් දුක දරාගමි එය කියන්නේ කෙලෙස
රුවන් මාලිගාවක පහන් දල්වනු කුමට
ඉඳ හිටක සොයද්දී යටගියාවේ මතක

සිනාසෙනු මැන එදින මට නොවේ මගෙ හිතට //

Sina senu mana edina mata nowe mage hithata – Niranjala Sarojini

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists