Paru Palamen

පාරු පාලමෙන්

Lyrics

පාරු පාලමෙන් කොළඹට ගැල් පේලිය සැපත් වුණා
ගෑස් පහට ලං වෙනකොට අපි හොඳටම හවස් වුණා
සෙක්කු වීදියේ කම්බා දැක උඹ මට මතක් වුණා..
කයිමන් දොරකඩ ඉඳපන් මං එනතුරු සෙලෙස්තිනා

කොළඹ රටේ ඉපදුනාට මටම ඔබින සෙලෙස්තිනා
බේරෙ වැවට හඳ පෑව්ව වාගෙයි මට උඹේ සිනා
කබා කුරුත්තාව ඇඳන් මුතු දෙපොටක් ගෙලේ දමා
සාන්ත බස්තියන් ඇලේ පාරු පදිමු සෙලෙස්තිනා

මහ මංකඩ කවි මඬුවක් හෙට හවසට පැවැත්වෙනා
නම් දරාපු කවි කාරයො එහි එන වග කතා වුණා
ට්‍රෑම් කාර් එකේ ගිහින් කවි අහමුද සෙලෙස්තිනා
ඉංගිරීසි රැජිණ වගේ මට නම් උඹ සෙලෙස්තිනා

පාරු පාලමෙන් …

Paaru paru Palamen – Sunil Edirisinghe Edirisingha

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists