මේ පාළු සීත රාත්‍රියේ

Lyrics

මේ පාළු සීත රාත්‍රියේ කියාදෙන්න රහසින් ප්‍රේමය නම් කිමැයි කියා //

නිදිමත තරුකැට කඩාවැටේ
ඉඩදී අඳුරට අහස්තලේ
සඳ මල මිලිණව බලා හිදී
දකිනතුරා අඩ නුවන් අපේ
සඟවා ළය මත ඔබෙ වත රහසින්
කියාදෙන්න ලංවී
ප්‍රේමය නම් කිමැයි කියා

මේ පාළු සීත රාත්‍රියේ …

ගහකොළ නිසලව බලා හිදී
පවන් රොදක සිහිලසින් මිදී
පිණි කඳුලැලි කැට කඩා වැටේ
ඇහෙන තුරා පෙම්වදන් අපේ
සුසුමක් සුසුමට ලංකර රහසින්
කියාදෙන්න ලංවී
ප්‍රේමය නම් මෙයැයි කියා

මේ පාළු සීත රාත්‍රියේ … //

Me palu seetha sitha rathriye – Chandralekha Perera

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists