පුංචි පුතා මගේ

Lyrics

පුංචි පුතා මගේ ඉස්කෝලේ ගිය
මුල්ම දවස අද වේ.. මුල්ම දවස අද වේ..

බුලත් අතක් දී ගුරුතුමියට වැඳ
මා තනිකළ මොහොතේ.. මා තනිකළ මොහොතේ..

අද සිට පුතුනේ හොඳින් ඉගෙන ගෙන
මතු යම් දවසක වියතෙක් වනු මැන
සිතින් පැතුම් පතලා, ඔහු පන්තියේ තියලා
මා වෙන් වන මොහොතේ
පුංචි ඇස් දෙකේ කඳුළු බිඳු දෙකක්
ඔන්න වැටෙන්නට මෙන්න වැටෙන්නට
පුංචි පුතා මගේ ඉස්කෝලේ ගිය
මුල්ම දවස අද වේ.. මුල්ම දවස අද වේ..

සෙනෙහස මහදේ ගිනි ඇවිලෙද්දී
පුතු තනි කරලා පන්තියෙ තියලා
මල් ගස් යට සෙවණේ පුතුගෙ සුවඳ පවනේ
මා තනි වූ මොහොතේ
පන්තිය නිමවි පුතු ඇවිදිල්ලා
හිනැහෙන දෑසයි ලස්සන මුහුනයි

පුංචි පුතා මගේ ඉස්කෝලේ ….

Punchi putha mage iskole – Angeline Gunathilake gunathilaka

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists