නිල් නුවන්

Lyrics

නිල් නුවන් පෙඟෙන අඳුර ගලා නුරාවෙන් වෙලී මල් පිපෙන සුළඟ නීල වලා තුළට ගුලි වෙවී
සඳ හොරෙන් සිනා වී නිල් දිය මතට පාවෙමින් හදේ දොරටු විවර කළෙමි සොඳුර ඔබේ නමින්

අඹ තුරින් තුරට මල් මුවරද පිරීලා , සිඹ තුටින් සිටිති සමනල් පෙළ ගැසීලා
කිරි කවඩි සිනාවේ පෙළහර දකිනු රිසින් , මගේ සිත ගොළු වෙලා

නිල් නුවන් පෙඟෙන අඳුර ගලා නුරාවෙන් වෙලී…

ළැම හසුන් රැඟුම් පා මනමත් කළා දෝ රත තොලින් තොලට දී සෙනෙහස රකී දෝ
සිත සතුට ගෙනාවේ ඔබමය , මගේ හිතත් ඔබ ළඟ නැවතිලා
නිල් නුවන් පෙඟෙන ……

Nil Nuwan Pegena – Edward Jayakody

More from Admin

Featured on

Uploaded by
12 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists