&

සඳ එබෙන්නෙපා

Lyrics

සඳ එබෙන්නෙපා තරු සිදුරු වසා
අඳුරු නෙතු තාරකා හඩවා
සත් සියක් සියපත් මතින්
සත් සියක් සියපත් මතින්
මුදු සුවඳ හමනා මතක සුව ගෙනෙනා
මුදු සුවඳ හමනා මතක සුව ගෙනෙනා

ඔබ ළග නිසා පින් සිත පුරා
මල් මාලතී පිපුනා //
සමසුන් අරා සිත් විල වසා
කුමුදුත් කොඳත් පිපුනා
කුමුදුත් කොඳත් පිපුනා

සඳ එබෙන්නෙපා …..

ඔබ දුර නිසා ගගනත පුරා
අසෙනි වැසි වැටුනා //
සිත දුක් දරා සුසුමින් වසා
කඳුළුත් හඳත් හැඩුවා
කඳුළුත් හඳත් හැඩුවා

සඳ එබෙන්නෙපා …..

Sanda sada ebennepa සඳ එබෙන් එපා – Athula Adhikari adikari and Samitha Mudunkotuwa

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists