නංගියේ මොකද

Lyrics

නංගීයේ.. නංගියේ මොකද ගොම්මනේ මිදුල මැද හිනා වෙවී තනියෙන්
වැඩ ඇරී ගෙදර ආ වෙලේ ඉඳන් උඹ කියන්න බැරි සතුටින්.. නංගියේ…

මල් කුමාරයෙක් ඉස්සර මා ගාවට ආවයි උඹ වගේ මමත් හිනා වෙවී සතුටින් හිටියයි
දූ සිඟිත්තියක් හිමින් සැරේ දෝතට වැඩියයි මල් හිනා නැඟු ඇස් දෙක උණු කඳුලින් පිරුණයි

නංගීයේ.. නංගියේ මොකද …..

මඟ තොටේ ඉඳන් මිනිස් වෙසින් විත් වග වලසුන් ළංවෙලා කතා කරයි කියා නැති නෑදෑකම්
මඟ හොඳට තිබේනම් දෑසත් හොඳට පෙනේනම් උඹ පරිස්සමින් පය තියපන් බැදිවල නොගිහින්
නංගීයේ.. නංගියේ මොකද …..

Nangiye Mokada nangi Deepika Priyadarshani

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists