හඬන්න ළංව

Lyrics

හඬන්න ළංව ඇති ඔබේ නුවන් පුරා ඇඳෙන්නෙ ජීවිතේ කතාව දෝ
හෙළන්න බැරිව ලතවෙනා සුසුම් සදා කියන්නෙ ජීවිතේ මුලාව දෝ…

තරු ඇසක්‌ ඇරී උදාගිරේ බිම් මලක්‌ මුවින් හිනා නැගේ //

තරු ඇසේ කතා මියේද බිම් මලේ හිනා මැකේද මේ වෙනස දෝ ආදරේ…

හඬන්න ළංව ඇති ඔබේ නුවන් පුරා….

සඳ රැහැන් වැටී සුනිල් දියේ කුමුදු මල් දෙතොල් විදා පිපේ //

හිරු ඇවිත් එ මල් දවාද ඒ දුකත් වසන්ව යාද
මේ අරුත දෝ ආදරේ…
හඬන්න ළංව ඇති ඔබේ නුවන් පුරා….

Hadanna Lanwa Athi Obe Nuwan – Edward Jayakody

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists