PATHINIYANE

පතිනියනේ | Pathiniyane | Lyrics & Song

Lyrics of Pathiniyane

මා හෙළනා මේ උණු කඳුළත් උහුලාපන් ලෙහෙනියනේ
මා වෙනුවෙන් මේ මහ මුහුදත් හින්දාපන් ලෙහෙනියනේ

මා හඬනා මේ වැළපුමටත් කන් දීපන් පතියනියනේ
මා වෙනුවෙන් මේ පඬිපුරයත් ගිණි තියපන් පතිනියනේ

දරුවන් හොයමින් යුධ බිම් මැද
සොයුරන් හොයමින් යුධ බිම් මැද
ප්‍රියයන් හොයමින්මරු කතරේ
උන්ගේ ලේ පිහදා දාපන්
සුදු හැඳගත් මැතිණියණේ !

මග්දාලේනාවන් නම් අපි
ගල් ගහපන් මහරජුනේ
භද්‍රාකල්පය පවතිනකන්
පව් හෝදා හැරපන්නේ

පතිනිය අදටත් මේ බිම මත
පියයුර සිඳිමින් වැලපෙනවා නම්
කඳුළින් මව්වරු මේ බිම මත
දරු ගින්නෙන් ඇවිළී යා නම්
දියණිය සොයුරිය මේ අඳුරෙම
හිරු නොදැකම මියයනවානම්

දෙවියන් මැව් මේ මහ පොළොවම
ඒ ගින්නෙන් අළුවී යත්දෙන්
දෙවියන් මැව් මේ මහ පොළොවම
ඒ ගින්නෙන් අළුවී යා.. දෙන්….

මග්දාලේනාවන් නම් අපි….

ගිණි තියපන් පතිතියනේ…

Kanchana Anuradhi – PATHINIYANE – anuradi

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists