ගලනා සීත ජලේ

Lyrics

ගලනා සීත ජලේ දිලෙනා නිලට නිලේ //
ඔබ නොදන්න ගී ගයා ගලාවී ගලාවී
තව තනිව ඉන්න බෑ කියා කියාවී කියාවී //
ගලනා සීත ජලේ

අඟලෙ අඟලෙ මෙහී මිනි කැට ඇත වැහී //
ගත හැකි ඔප දමා අපද මැණික් තමා //
නාග ලොවෙන් නාග ළියන්
සොයමු ඉතින් ගඟෙහි ගිලීලා

තව තනිව ඉන්න බෑ කියා කියාවී කියාවී
තනිව ඉන්න බෑ කියා කියාවී කියාවී
ඔබ නොදන්න ගී ගයා ගලාවී ගලාවී
ගලනා සීත ජලේ

සුරලියො සුර කැලේ රඟන සිහිල් ජලේ //
රිදී කඳන් වගේ බිමට කඩන් හැලේ //
එගොඩ ඉඳන් ගඟ නොබලන්
නානවනම් දියට වරෙල්ලා
සිහල පොලොවෙ ඇල් දියත් සනීපයි සනීපයි //
මෙහෙම බිමක ඉන්නටත් මනාපයි මනාපයි
තරුණ හිතට සතුට දේ විනෝදයි විනෝදයි

ගලනා සීත ජලේ…..

galana seetha jale – Latha Walpola valpola

More from Admin

♪
Uploaded by
15 followers
🎵 Music Queue Add songs & save playlists