උණුහුම 3

Lyrics

නාඳුනනා සුභ හීනේ
සුව මැව්ව සුරඟන නුඹදෝ
හාද වෙලා මල් වාරේ
වස්සාන උණුහුම මගෙදෝ
මගේ වාගේ දැනුනා
නෙතු වින්ද මොහොතේ හා
භව ගානක් රැඳුනා
එක හීනයක මා ..
පුදුමයි අද ළඳුනේ නුඹ මාගේ වෙලා
සතුටින් ඇස් තෙමුනා දුටුවාදෝ මන්දා
ළඟ රැඳෙමි මා දිවි තුරා
මම රකිනවා පන සදා

දෑස අයා ළඟ ඉන්නම්
පිළිගන්න මාගේ සෙනෙහේ
ආල පුරමි මං කවදත් අදහන්න බැරි වන තරමේ
මගේ වාගේ දැනුනා
නෙතු වින්ද මොහොතේ හා
භව ගානක් රැඳුනා
එක හීනයක මා
පුදුමයි අද ළඳුනේ නුඹ මාගේ වෙලා
සතුටින් ඇස් තෙමුනා දුටුවාදෝ මන්දා
ළඟ රැඳෙමි මා දිවි තුරා
මම රකිනවා පන සදා
පුදුමයි අද ළඳුනේ
නුඹ මාගේ වෙලා
සතුටින් ඇස් තෙමුනා දුටුවාදෝ මන්දා
ළඟ රැඳෙමි මා දිවි තුරා
මම රකිනවා පන සදා

Nadunana suba hine heene unuhuma 3 – Tehan Perera

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists