මට තනි නැත නුඹ නාඩන් සුරතලියේ

Lyrics

මට තනි නැත නුඹ නාඩන් සුරතලියේ
ප්‍රේමාලිංගන නැතුවට
අහිමි පෙමට බිඳුනු සිතට
මම නොතැවෙන්නෙම්
මට තනි නැත නුඹ නාඩන් සුරතලියේ

එපා වෙලා මා සිටියත් ඉපැදුනු ගම්මානේ
අදත් මාත් එක්ක කිසිම තරහක් නැතුවානේ
තැවුල් සිතින් නින්දට ගිය ඊයෙ රෑ යාමේ
ගොයම් කරල් ගමේ ඉඳන් මට අත වැනුවානේ

මට තනි නැත නුඹ නාඩන් සුරතලියේ …

ළඳේ ළඳේ නුඹ මගෙ හද බින්දට නොතැවෙමී
මගෙ හිත ඇති මට හිත ඇති ගම්මානෙට යමී
එවන් ගමේ කැලෑ කපා සරුකෙත් වපුරමී
අස්වැන්නෙන් කොටහක් හෙම ඔබටත් ගෙන එමී

මට තනි නැත නුඹ නාඩන් සුරතලියේ …

Mata thani natha numba nadan surathaliye – T. M. Jayarathna jayarathne

More from Admin

Featured on

♪
Uploaded by
15 followers
🎵 Music Queue Add songs & save playlists