රෑ අහසින් වැටෙනා

Lyrics

රෑ අහසින් වැටෙනා
බින්දු බින්දු පිණි බින්දු
නොපිපි මල සොයනවා
මුවා වී ඉන්න එපා
හරි සීතයි
සීතලයි පින්න

සිප ගන්න බයෙන්
මහ පොළොව
පිණි බින්දු හඬනවා
නිම්නාද දී
දෙතොලතර ඉඩ දෙන්න
නවාතැන්පල වෙන්න
හරි සීතලයි පින්න

අනෝරා පිණි යටින්
තෙමි තෙමී ඇවිදින්න
ගිනි නැගෙනා ආත්මය
පිණි දියෙන් දෝවන්න
සිරුරතර ඉඩ දෙන්න
නවාතැන්පල වෙන්න
හරි සීතලයි පින්න

Raa ahasin watena vatena – Kasun Kalhara

More from Admin

Featured on

Uploaded by
14 followers
🎵 Music Queue Add songs & save playlists