පියෙකුගෙ දුක

Lyrics

පියෙකුගෙ දුක කියාපාන
මහ දිය කඳ කලා වැවේ
දරු සෙනෙහස දල්වාගෙන
රැළි නංවා හඬා වැටේ //

සීගිරියේ ගී පවුරේ
කවි සිතිවිලි විමානයේ
ලියා ඇති ද එක ගීයක්
ඔබ වෙනුවෙන් පියාණනේ
ඔබ වෙනුවෙන් පියාණනේ

පියෙකුගෙ දුක කියාපාන ….

සීගිරි ලලනා දෑසින්
කඳුළු බිඳක් නොවැටුණාට
නෙළුම් මලක් අදත් පිපෙයි
සිරස නමා කලා වැවට
සිරස නමා කලා වැවට

පියෙකුගෙ දුක කියාපාන ….

Piyekuge duka kiyapana – Karunarathna Divulgane

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists