Nosithama

නොසිතාම | Nosithama

Lyrics of Nosithama

අහඹු ලෙස හමු වූයේ
නුහුරු නැති සන්ධ්‍යාවේ
ස්වප්න මත සිත්තම් වී
සඳ සෘතුවේ

නෙතු යුග්ම මත වෑහේ
මනස්පර්ශ වී ආලේ
ස්වර්ගෙයිම හමුවූයේ
තනි වුනෙමි නිද්‍රාවේ

නොසිතාම හමුවෙන්න
නොකියාම වෙන්වෙන්න
හේතු ඇති නොදන්නා
අපිව හිමි නොවෙන්න
හේතු ඇති නොදන්නා
අපි අපේ නොවෙන්න

මග වැරදුනා ද
සිත් රැවටුනා ද
ඉමි හිත දවා
දුර යනු බලා
කඳුළු බිඳු කොපුලත රූරාලා
නුඹ සොයනවා
නුඹ සොයනවා

වාරු නැති වී හිතේ
මතක ගානේ රිදේ
අදින් පසු අවසන්ද
ලියූ කවි ආදරේ

නොසිතාම හමුවෙන්න
නොකියාම වෙන්වෙන්න
හේතු ඇති නොදන්නා
අපිව හිමි නොවෙන්න
හේතු ඇති නොදන්නා
අපි අපේ නොවෙන්න

Nosithama (නොසිතාම) – Supun Perera | Ahasa Tharam Movie

More from Admin

♪
Uploaded by
15 followers
🎵 Music Queue Add songs & save playlists