Hima Kandu Yahane
&

හිම කඳු යහනේ

Lyrics of Hima Kandu Yahane

හිම කඳු යහනේ වළා සඳැල්ලේ
සදාහරිත තුරු සෙවනැල්ලේ
මොහොතක් සැඟවෙමු ලොවින් මුවා වී
අපේ සිහින උයනේ
මොහොතක් සැඟවෙමු ලොවින් මුවා වී
අපේ සිහින උයනේ
හිම කඳු යහනේ

දෙසිතක බැඳි රැකවල් ගිළිහී යයි
තනි වූ සිත් අද නොතනි වෙලා
දෙසිතක බැඳි රැකවල් ගිළිහී යයි
තනි වූ සිත් අද නොතනි වෙලා
ඒ හසරැල් විල මා සිත පිබිදී
ඔබට පිදෙන්නට මලක් වෙලා

කඳුළක් නැඟි මොහොතක ඔබ නෙතඟින්
ළං වෙමි සිටිය ද කොතැන ලොවේ
කඳුළක් නැඟි මොහොතක ඔබ නෙතඟින්
ළං වෙමි සිටිය ද කොතැන ලොවේ
හිනැහෙමි එසඳෙහි කඳුළු මුදාහැර
ඔබගේ උණුසුම් ළය මඬලේ

හිම කඳු යහනේ වළා සඳැල්ලේ
සදාහරිත තුරු සෙවනැල්ලේ
මොහොතක් සැඟවෙමු ලොවින් මුවා වී
අපේ සිහින උයනේ
මොහොතක් සැඟවෙමු ලොවින් මුවා වී
අපේ සිහින උයනේ
මොහොතක් සැඟවෙමු ලොවින් මුවා වී
අපේ සිහින උයනේ

Hima Kadu Yahane – Greshan Ananda & Niranjala Sarojini

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists