අප්පච්චී | Appachchi | Song & Lyrics

Lyrics

සියක් උල්පත් මවා දී නිසලවම හිඳිනා
නමක් නැති මහ කන්ද ඔබ අප්පච්චී…. අප්පච්චී….

ඔබෙන් දිය ලැබ සාර වූ තුරුණු කෙත්වතු දෙස බලා
නොපෙනෙනා තරමින් සිනාසී නිසලවම හිඳිනා අප්පච්චී…. අප්පච්චී….

මෙහෙවරට ආ වැයි සිතා වෙහෙස නොබලා වෙහෙසෙනා
තෙත් ගුණය මෙත් ගුණය සඟවා අකම්පිත වත පා අප්පච්චී…. අප්පච්චී….

සියක් උල්පත් මවා දී නිසලවම හිඳිනා
නමක් නැති මහ කන්ද ඔබ අප්පච්චී…. අප්පච්චී….

Appachchi , thaththa- Kasun Kalhara

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists