&

නමක් නොදන්නා මලක්

Lyrics

නමක් නොදන්නා මලක්
පිපී තනිවී හිඳී ප්‍රභාතයෙන්
නමක් නොදන්නා රුවක්
ගැටී දෙනෙතේ වෙලී සමාධියෙන් //

පෙරුම් පිරූ හැටි දන්නේ මල පමණයි
පෙති ඇරෙනා තුරු
ලොවක් පෙලූ දුක දන්නේ නෙත පමණයි
ඔබ දකිනා තුරු
ඔබ දකිනා තුරු

නමක් නොදන්නා මලක් …..

පැතුම් තඩාගය ඉතිරී ඔබ දෙනෙතයි
මට පිදුවේ මධු
සුපෙම් සරා රැය නිමවී ඔබ පමණයි
ළඟ රැඳි මා සඳු
ළඟ රැඳි මා සඳු

නමක් නොදන්නා මලක් …..

Namak nodanna malak ruwak – Dayan Witharana & Deepika Priyadarshani

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists