දෙනො දාහක් දෙනා

Lyrics

දෙනො දාහක් දෙනා පුතේ නුඹ පුදනවා
යස ඉසුරු දෙපා මුළ තබනවා
රට කරණ පින්වතුන් මැද සඳසෙ දිලෙනවා
පැළේ පොල්තෙල් පහන නිවෙනවා

කසීරට කසීසළු නුඹේ ගෙට ඇදෙනවා
නංගිලා රෙදි වැරළි මදිනවා
අට සමත් වුනත් නුඹ ගරුතරව වසනවා
මල්ලිගේ උපාධිය දිරනවා

නුඹේ පා පිහිටි තැන යසස් මල් පිපෙනවා
තාත්තා තාම මල් තළනවා
නංගිලා මල්ලිලා කෝපයෙන් සිටිනවා
අනේ නුඹ නසන බව කියනවා
අනේ නුඹ නසන බව කියනවා
අනේ නුඹ නසන බව කියනවා

Deno dahak dena puthe numba pudanawa – Nanda Malani

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists