Thaththa wage

තාත්තා වගේ | Thaththa Wage | Song & Lyrics

Lyrics of Thaththa Wage

තාත්තා වගේ නුඹ ගැන සොයමින් නිතිනේ
අපටත් වඩා නුඹටයි සෙනෙහස පිදුනේ
නුඹෙ පයකින්ම අප්පච්චිට වින කෙරුනේ
හිතලද වැරදිලද කියපන් ඇත් රජුනේ

මා ඔය දිගේ නුඹෙ මඩ සෝදා හැරලා
පොල් බොඩ කිතුල් බොඩ නුඹ වෙනුවෙන් හොයලා
ලද සොච්චමට වැඩියෙන් දහදුක් විදලා
අප දුක සැප බැලුවෙ නුඹෙ කුස ගිනි නිවලා

තාත්තා වගේ නුඹ ගැන සොයමින් නිතිනේ
අපටත් වඩා නුඹටයි සෙනෙහස පිදුනේ
නුඹෙ පයකින්ම අප්පච්චිට වින කෙරුනේ
හිතලද වැරදිලද කියපන් ඇත් රජුනේ

බත්පත ඉදෙන විට පින් දුන්නේ නුඹට
බඩගිනි දැනෙනවා දැන් වැඩියෙන් අපට
ආවොත් අප්පච්චි ආයෙත් අපෙ ලොවට
අප ගාවට කලින් එන්නේ නුඹ ලඟට

Thaththa Wage tatta vage – Harshana Dissanayake

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists